සඳගිරය දෙදරන්ට
අදෝනා හඬ දුනිමි.........
එකෙණෙහිම සක්දෙවිඳු
වැඩියා සඳගිරට
මගේ පති බලයෙන්
නුඹට ජීවය ලැබුණදා
අමතකව ගියේ
කිම?
නුඹට මේ භවයේ එය........
කිඳුරියක් සේ මෙමා
නුඹේ සිහින කවියෙහි
පදවැල් ගොතන්නට
අපමණව ගැහැට වින්දෙමි
මෙ දවස.........
නව පරපුරක් තනනු රිසිව
සිහින පොදි බැන්ද මෙමා අද
මුකුලිතව පරවෙච්ච කුසුමක්ව
වී ගොසිනි.......
කිව මැනවි කිඳුරාණනි මා දමා
දුර ඈත පියඹන්න
හොර රහසේ
නුඹේ හිතට
කෙඳිරූ කිඳුරිය කවුරුන්ද?
නුඹේ සිහින පොතේ
කව් ලියන
නුඹේ සඳ කිඳුරිය
පුංචි වරමක් දෙයිද
කිදුරාණනි ඔබ මදක් සිපගන්න
මගේ ඇසිපියන් පත්
සැනසිල්ලේ වහගන්න..............
ඉරෝ දිසානායක ✍️
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ග්රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.
පුරාතනයෙන් - නූතනයට
ReplyDelete❤️❤️
DeleteExcellent
ReplyDelete♥️♥️
DeleteAwsh❤
ReplyDelete