Wednesday, January 12, 2022

ශ්වේඡත්‍රයෝ.........


ශ්වේඡත්‍රයෝ එක් වුණා
මුකුලිත නෙළුම රජ වුණා
සීනු නද වියැකුණා
සදතුන් තනි වුණා.........

මනාපය අමනාපය වෙලා
හදෙහි පැතුමන් බොඳ කළා
වහල් දීපය රජ වෙලා
නැණවතුන් නූගත් වෙලා........

මුතු ඇටයට ලංසු තියා
ආගම් ගිනි අවුලලා
ශ්වේඡත්‍රයෝ ඉගිලිලා
වහල් ජන තනි කළා.......

ඩොලර් වැස්ස බ්ලොක් වෙලා
සරුසාර කෙත් මුඩු බිම් වෙලා
රන් අස්වනු බොල් වෙලා
රටවැස්සන් අසරණ කළා .........

විකසිත කුසුම් මුකුලිත කළා
සරතැසට දම් වැල් එලා
මුරකාවල් යොදවලා
ශ්වේඡත්‍රයෝ රජ කළා .........

හිරු නින්දක ගුලි වෙලා
සඳේ රැස් මාලා වියැකිලා
අමාවකේ පැතිරිලා
අඳුරු ලොවක පැටලිලා........

ඉරෝ දිසානායක ✍️
සමාජීය විද්‍යා හා භාෂා පීඨය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.








No comments:

Post a Comment