හමා ආ සීත සුළං රැළි
අදටත් ගත සිත
කිලිපොලා දෙසවනට
කොඳුරමින් කියන්නේ
පස් වසක සිදු වූ
ඒ අඳුරු කතාවය........
හන්තාන අහසම
අඳුරු වී ඇත මෙදින
මහ මේඝයක්
ඇදහැලෙන්නට
තතනමින්............
මිහිදුම් සළුවලින්
වසාගත්
පුංචි මල් කැකුළක්
මොර දෙමින්
හඬන්නේ............
වරුසාව දැඩි වුණා
නොපිපුණ කුසුම
හන්තාන ගිරිහිස
අභියස දී මිහිදන් වුණා...........
ඉරෝ දිසානායක ✍️
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය.
❤
ReplyDelete❤️❤️
Deleteඅගෙයි❤
ReplyDeleteබෙහෙවින් ම ස්තූතියි අක්කේ ❤️
Delete