Saturday, December 25, 2021

උන්මත්තකියක නොවේ ඈ......

 

(මාර්ගස්ථ අධ්‍යාපනයේ දුෂ්කරතාවයෙන් පෙළෙන සිසුවියකගේ සත්‍ය කතා පුවතක් මත පදනම් වූ කවි සිතිවිල්ලකි.)

 ගිනිගහන මද්දහනෙ
 තාර පදමට රත්වෙලා
 හිසද ගිනියම් වී 
 දෙපතුල ද 
 ඉරිතැලී
 නොනවත්වාම
 ලේ ගලනවා............


මොරසූරන වරුසාවේ
කුඩය ඉහළ ගනිමින්
පුටු දෙකකුයි
පොත් ටිකකුයි අරන් ඈ
නොනවතින ගමනක 
හතිලමින් 
දුවනවා........


දූරස්ථයට අභියෝගයක්ව 
මූසිලයන්ගේ 
රැවුම් ගැරහුම් බසින් මිරිකී
සෝ සුසුම්ලමින් ඈ
අකුරු උගනීයි
මහපාරේ..........


ඉරෝ දිසානායක...✍️

සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

2 comments: