Thursday, December 30, 2021

රතු ඉරි අදින අත ඉහළට එසවීම...

 


රතු ඉරි අදින අත

ඉහළට එසවීම

නවතාලිය හැකිද?

නුඹලට එන වසර .....


මෙරු මෙන් මතුව

තටු ඇවිදින්

කේවට්ටයෝ

තැන තැන නැඟුව

ජය ඝෝෂා හඬ

අද කොහිද?


පොළ ළඟ කඩ පිලෙදී

සෙඩ් එක ළඟදී

රතු ඉරි අදින අත

ඉහළට එසවීම

නවතාලිය හැකි වෙද 

කේවට්ටයනි නුඹලට

එළඹෙන වසර.......


ඉරෝ දිසානායක ✍️

සමාජීය විද්‍යා හා භාෂා පීඨය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

2 comments: