හවු හරනක් නොමැති කමින්
විකසිත වනු කෙලෙස ඉතින්
මැවෙන සිනා නුඹේ මුවින්
කතා කරයි හදට සෙමින්
විසකටු රොදවල් අතර මැදින්
පිපෙමින් බෙදනා ගුණ සුවඳින්
නැහැවෙන විට ලොවම සෙමින්
හදවත් නැමේවී නුඹට පෙමින්
ලෝකය බැලුවත් කඳුළු නෙතින්
මල් පිපිදෙනු කොහොම හැඩින්
පිහිටක් වෙනදා දැහැමි සිතින්
බොහෝ මල් පිපේවි කටු අතරින්
ඉරෝ දිසානායක ✍️
සමාජීය විද්‍යා හා භාෂා පීඨය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.
No comments:
Post a Comment