Sunday, January 30, 2022

බොහෝ මල් පිපේවි කටු අතරින්

 


හවු හරනක් නොමැති කමින්

විකසිත වනු කෙලෙස ඉතින්

මැවෙන සිනා නුඹේ මුවින් 

කතා කරයි හදට සෙමින්


විසකටු රොදවල් අතර මැදින් 

පිපෙමින් බෙදනා ගුණ සුවඳින් 

නැහැවෙන විට ලොවම සෙමින් 

හදවත් නැමේවී නුඹට පෙමින් 


ලෝකය බැලුවත් කඳුළු  නෙතින් 

මල් පිපිදෙනු කොහොම හැඩින් 

පිහිටක් වෙනදා දැහැමි සිතින් 

බොහෝ මල් පිපේවි කටු අතරින්


ඉරෝ දිසානායක ✍️

සමාජීය විද්‍යා හා භාෂා පීඨය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.






No comments:

Post a Comment