දේදුනු පෙඟී ඇද හැලෙනා මහ වැස්සේ
මා ළයෙ හොවාගෙන නුඹ මහ මග බැස්සේ
ගඟ දිය රැඳුන සහසක් මිණි කැට අස්සේ
මා හංගන්න බව දැනගත්තේ පස්සේ
පියකරු සිහින සැනකින් පුපුරා හැලුණු
අරුණට කලින් මායාවක් ළඟ රැඳුණු
සීතල කඳුළු පොකුණක අකලට පිපුණු
අම්මා නුඹයි පෙණ බුබුලක් සේ බිඳුණු
ගං දිය පතුල කැළඹේවිද මන්දා
අම්මේ තවත් නුඹ මා ළඟ නැති හින්දා
ඉවසම් ඉතිම් නුඹ නොලබයි නම් නින්දා
කළුවර නොවේවා මං තව බය හින්දා
ගඟ දිය දිගේ සයුරේ ඈතට යන්නම්
දිය කිඳුරකුගේ උර මත මා නැළවෙන්නම්
නාඩන් තවත් මගෙ අම්මේ මම යන්නම්
සාගර පතුලේ මුතු ඇටයක් වී ඉන්නම්
ඉරෝ දිසානායක ✍️
සමාජීය විද්‍යා හා භාෂා පීඨය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.
No comments:
Post a Comment