Sunday, January 30, 2022

සමඟියෙන් උන් ජාති කුල නැතී


යඳම් බැඳ දොර අගුළුලා නැති

මායිමේ හිර විසල් බැමි නැති 

රැකුම් ගෙයකුත් මුරට නම් නැති

නමින් හසල අකුරු මෙහි ඇති


ඉරට හඳටත් විවර නොවු නැති

දෙපස බිත්තිද විසල් නොවු නැති 

ඇමති උතුමන් දැකලවත් නැති 

සිප් හලකි මෙය තරඟයක් නැති


නැති තනියට නයනා අද නැති 

සරෝජා කෝවිලේ වෙන් නැති

අහමඩ්ගේ  තොප්පියත් බර නැති 

සමන් හේනේ අදත් වැඩ ඇති 


ගුරුතුමිය මග තාම එනව ඇති 

ගුරු පාර වැස්සට බිඳිල වෙන්නැති 

වන අලින් ඒ යැයි සැකක් නම් ඇති 

වන කැළේමයි මෙහෙව් දුක් ඇති 


සිල්ප සිහින මෙහි සිදී ඇති 

ඇල්ම පමණක් හිතේ තෙර පෙති 

ගෙවූ කඩ ඉම් සිහින බොර වෙති 

සමගියෙන් උන් ජාති කුල නැති 


ඉරෝ දිසානායක ✍️

සමාජීය විද්‍යා හා භාෂා පීඨය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.




No comments:

Post a Comment