Thursday, March 17, 2022

අත්තම්මා.....

 

 මිද්දෙණියෙ ගම කෙළවර
 කණ උන්දෑ ලෙස හඳුනන
 අත්තම්මා නිවන් ගිහින්
 හත් අට දොහකට වැඩි නැත

 හිරුට කලින් අත්තම්මා
 හමිල්ල කොළ වැටුණ මිදුලෙ
 පිල අත්තෙන් රටා මවා 
 ජීවිතය ම පාට කළා

 මිද්දෙණියෙ වැව අසබඩ 
 කෙකටිය මිටි බැඳන් පොළට
 ජීවිතයේ මහගිරිදඹ නැග යන්නට 
 වාරු ගත්ත අත්තම්මා නුඹයි එදා 

 නුඹ වෙනුවෙන් ඉකි බිඳින්න
 නුඹ වෙනුවෙන් ලය පැලෙන්න
 කන්තකයෙකු නොවුන බවත්
 හැම නොදන්න එක රහසක්

ඉරෝ දිසානායක ✍️
සමාජීය විද්‍යා හා භාෂා පීඨය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

4 comments:

  1. අගෙයි අපූරු පද සංයෝගයක් ❤

    ReplyDelete
    Replies
    1. බෙහෙවින් ම ස්තුතියි ඔබට🌻

      Delete
  2. සෙනෙහසකට අරුතක් පුරවන්නට...ආදරයේ අකුරු මිහිර...

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ අක්කගෙ ඒ අපූරු කවි සිත්තම් මාව දිරිගැන් වූවා.... බෙහෙවින් ම ස්තුතියි අක්කේ 💐

      Delete