Sunday, January 2, 2022

සින්නක්කර ඉඩම මගේ.....

 

(විශ්ව විද්‍යාල සිසුවකුගේ සත්‍යය 
පාපෝච්චාරණයක් ඔස්සේ ලියන ලද කවි සිතුවිල්ලකි.)

 සින්නක්කර ඉඩම මගේ
 උකස් වෙන්න නොදී මෙදා
 රැක ගත්තේ දිවිය පුදා
 එය මට සම්පතක් නිසා

 වල් බිහි වූ ඉඩම එදා
 පුන්සඳ බැබළුවා වගේ
 කැලේ කොටා අස්වද්දා
 ඵල නෙළුවේ නිකන් නොවේ

 සිව් වසරක් පුරා මෙමා
 මහන්සි වී වැඩ කෙරුවා
 අනිත් ඉඩම්වලට වඩා
 මගේ ඉඩමේ ඵල තිබ්බා

ඉරෝ දිසානායක ✍️

සමාජීය විද්‍යා හා භාෂා පීඨය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.


2 comments: